කසාදයක් බදිනව කිව්වම සමහර අයට හිතෙනව ඒක හරිම සංකීර්ණ වැඩක් කියලා.
ඒ නිසා ඇතැමුන් දැන් කසාද බදින්න මැලි කමක් දක්වනවා. දරුවන් හදන්න මැලිකමක් දක්වනවා.
ඒත් අපිට දැනගන්නට ලැබුණා දුර්ලබ ගණයේ කසාදයක් ගැන. හැබැයි මේ වගේ කසාදයක් කරගත්ත එකම කෙනාත් මෙයා නෙවෙයි.
එයා කසාද බදින එක ගැන ගොඩක් සතුටින් ඉන්නෙ. ඔහු නමින් ක්‍රිස්ටියන්. කවුද මේ ක්‍රිස්ටියන් කියන්නෙ.
කොලොම්බියාවේ ජිවත් වෙන ක්‍රිස්ටියන් මොන්ටිනිග්‍රෝ කියන මේ තරුණයා නටාලියා කියලා නම තියන ගැහැණු බෝනික්කියක්ව තමයි කසාද බැදගන්නේ.
ඔහු කියන්නේ නටාලියා කියන බෝනික්කා සමග ඉතාමත් සතුටින්, ආදරයෙන් ජීවත් වෙනවා කියලා.
ක්‍රිස්ටියන් පැවසුවේ ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත්, ඒ දරුවන් සියල්ලන්ම වෛද්‍ය සෙල්ලම් බඩුවක් මගින් බිහි කලා කියලා.
කොහොමද එහෙම වෙන්නේ?
මෙහෙමයි ක්‍රිස්ටියන් මුලින්ම ගැහැණු බෝනික්කෙක් අරන් එයාගේ බිරිද කරගන්නවා. ඊට පස්සේ තවත් පොඩි බෝනික්කෝ තුන්දෙනෙක්ව ඒ විදිහටම මිලදී අරන් එයාගේ දරුවෝ කරගත්තා.
මේක ඇත්තටම අසාමාන්‍ය කතාවක්
ඔව් මේක අසාමාන්‍ය කතාවක් තමයි. මෙම අසාමාන්‍ය කතාව ඇති එකම තැනැත්තා ඔහු පමණක්ම නෙවයි.
මෙරිවෝන් රොචා මොරේස් නම් කාන්තාවක් වරක් රැග් බෝනික්කෙකු සමඟ විවාහ වී ගැබ් ගත්තා යැයි පැවසුවා.
මෙවැනි සම්බන්ධතාවයන් මානසික වශයෙන් දුර්වල වූවන්ට Objectophilia ලෙස හැඳින්වන රෝගයක ප්‍රතිඵලයක් හේතුවෙන් සිදුවන ක්‍රියාවලියක්.
Objectophilia ඇති පුද්ගලයින්ට මිනිසුන් වෙනුවට අජීවී වස්තූන් කෙරෙහි දැඩි චිත්තවේගීය, ආදර හැඟීම් හෝ ලිංගික ආකර්ෂණයක් දැනෙන්න ගන්නවා.
මෙම වස්තූන් සෙල්ලම් බඩු, බෝනික්කන්, බිත්ති, මෝටර් රථ හෝ ඕනෑම ගෘහ භාණ්ඩයක් වෙන්න පුළුවන්. මෙම රෝගය අත්විඳින පුද්ගලයින් අජීවී වස්තුවලට ආකර්ෂණය වී,එම වස්තුව සමඟ කාලය ගත කර, ගැඹුරු චිත්තවේගීය බැඳීම් ඇති කර ගන්නවා.
සාමාන්‍ය යුවළයන් මෙන්, ඔවුන් සතුටින් සිටින අවස්ථා භුක්ති විඳිනවා. එකට කාලයගත කිරීම්, විනෝද චාරිකා සදහා යොමු වීම් වගේම තර්ක කරගන්නවා, රන්ඩු වෙන දේවල් පවා අත්විදින්න ගන්නවා.