චිම්පන්සි සත්ත්වයන් පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදුකිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රකට විශේෂඥවරියක වන ජේන් ගුඩාල් මියගොස් තිබෙනවා.
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දේශනා මාලාවකට සහභාගී වී සිටියදී නින්දෙන්ම ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මිය යන විට ඇගේ වයස අවුරුදු 91ක්.
චිම්පන්සීන් සහ මිනිසුන් අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් ඇය විසින් සිදුකළ පරීක්ෂණවලින් කරුණු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.
ජේන්ගේ සොයාගැනීම් මිනිසාගේ චිම්පන්සීන් කෙරෙහි තිබූ මතයන් බොහෝ දුරට වෙනස් වීමට හේතුවක්.
චිම්පන්සීන්ගේ හැඟීම් හදුනාගැනීමට ඇයට හැකිව තිබෙනවා.
ඔවුන් ශාක භක්ෂක පමණක් නොවන බව සොයාගත්තේ ද ජේන් ගුඩාල්.
ඇය කළ සේවය උදෙසා ගෞරව නාම විශාල ප්‍රමාණයක් සහ සම්මාන 50කට අධික සංඛ්‍යාවක් හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇය තම ජීවිත කාලය පුරාවට කළ ගවේෂණවලින් ලත් දැනුමෙන් කෘති 30කට අධික ප්‍රමාණයක් රචනා කර තිබෙනවා.
ජේන් ගුඩාල්ගේ ජීවිත කතාව අළලා නිර්මාණය වී ඇති චිත්‍රපට සංඛ්‍යාව 40කට අධිකයි.
ගුඩාල් ඉපදුණේ 1934 දී ලන්ඩන් නුවරදීයි.
ඇය චිම්පන්සීන් පිළිබඳව අධ්‍යන කටයුතු ආරම්භ කළේ 1960 වසරේදී.
ඒ ටැන්සානියාවෙන්.
චිම්පන්සීන් ගෝරිල්ලන් ආදී වානරයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇය 1977දී ජේන් ගුඩාල් පදනම පිහිටවුවා.
ජේන් ගුඩෝල්ට නිවන් සුව පතමි