කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ IMF නියෝජියන් අතර විශේෂ හමුවක් ඊයේ දින (08) පැවැත්වුණා.
එම හමුවේ දි අමාත්‍යංශ කාර්යාලය ඉදිරිපස ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පුවරුව ඇමතිවරයා විසින් පෙන්වා දී තිබෙනවා.
” ඔබ මේ පිවිසෙන්නේ අල්ලස හෝ දුෂණයෙන් තොර රාජ්‍ය ආයතනයකටය ” එම පුවරුවේ සටහන් වී තිබෙන්නේ මෙලෙසයි.
එම පුවරුවේ සඳහන් වැකියෙන් IMF නිලධාරීන් අතිශයින් සතුටට පත්ව තිබෙනවා.
මෙම හමුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැති අතර 2030 වසර වන විට කර්මාන්ත අමාත්‍යාංශය සතු ඉලක්ක සහ උපාය මාර්ග පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් IMF නියෝජියන් වෙත ඉදිරිපත් කෙරිණි.
මෙම හමුවේදී දළ දේශීය නිෂ්පාදනයට (GDP) කාර්මික සහ නිෂ්පාදන දායකත්වය වැඩි කිරීම සහ ව්‍යවසායකත්ව දායකත්වය හා භාණ්ඩ අපනයනය ඉහළ නැංවීම වැනි ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPIs) ගණනාවක් සාකච්ඡා කර තිබෙන බවට වාර්තා වුණා.
තවද, අමාත්‍යාංශයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සැලසීමේ උපාය මාර්ග, සහ දේශීය කර්මාන්ත මුහුණ දෙන අභියෝග මෙන්ම, මූල්‍ය ප්‍රතිපත්ති සහ ඉඩම් වෙන් කිරීමේ ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබෙනවා.
එමෙන්ම මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශයේ විනිවිදභාවය පිළිබඳව IMF නියෝජිතයන්ගේ පැසසුමට ලක්ව ඇත.