දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල දෙහි අස්වනු නොමැතිවීම නිසා දෙහි මිල ගණන් වැඩි වී තිබෙනවා.
වෙළෙඳපොළ තොරතුරු අනුව මේ වන විට දෙහි කිලෝවක සිල්ලර මිල රු.3,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සදහන් වනවා.
දඹුල්ල, කැප්පෙටිපොළ වැනි ආර්ථික මධ්‍යස්ථානවල තොග මිලත් රු.1,900 සිට රු.2,000 දක්වා මිල ගණන් වැඩි වී තිබෙනවා.
ඒ හේතුවෙන් දැන් වෙළෙඳසල්වල “දෙහි බෑයක් ” රු.50 ක් වගේ මිලකට අලෙවි වෙමින් පවතින බව වාර්තා වුනා
මෙම දෙහි හිඟය නිසා දැන් කිහිප දෙනෙක් පැඟිරි නැති දෙහි ගැට පවා කඩා තොග විකිණන බව වෙළදසැල් හිමියන් පවසා සිටිනවා.