අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ දිනවල විශේෂ අවධානයක් යොමු කර සිටින විමර්ශනයක් සම්බන්ධයෙන් සම්පූර්ණ අවධානය යොමු වී තිබෙනවා.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූ ප්‍රසිද්ධ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්ධර පද්මේ යන අයගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, යි මෙම නවතම තොරතුරු රැස අනාවරණය වුණේ.
ඒ දුරකථනය තුළ සඟවා තිබූ දත්ත අතරින් විදේශ සංචාරයකදී ගත් ඡායාරූප, වීඩියෝ, හා විවිධ සම්බන්ධතා පිළිබඳ ලේඛනයි.
මෙම දත්ත විශ්ලේෂණය හරහා ප්‍රසිද්ධ රංගන හා නිරූපණ ශිල්පිනියන් 5 දෙනෙකු සහ ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ දිනූ නිරූපණ ශිල්පිනියක් සම්බන්ධ තොරතුරුද හෙළි වී ඇති බව සඳහන්.
එහිදී එම දුරකථනයේ තිබී එක් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් ඇගේ පෙම්වතා සමඟ සිටින අසභ්‍ය වීඩියෝවක් හමුවූ බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා.
එසේම අනෙක් රංගන ශිල්පිනියන් පස්දෙනාගේ සහ ‘මිස් ශ්‍රී ලංකා’ නිරූපණ ශිල්පිනියගේ ඡායාරූපද ජංගම දුරකථනයේ තිබියදී හමුව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, CID පර්යේෂණ කණ්ඩායම විසින් ඉදිරියේදී සම්බන්ධ පුද්ගලයන්ට විමර්ශන සඳහා කැඳවීමට නියමිත බව ද වාර්තා වුණා.
කෙසේ වෙතත්, මෙම විස්තර සම්බන්ධයෙන් නිලධාරීන් තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.














