‘මෙලිසා’ නම් සුළි කුණාටුවේ දැඩි බලපෑමෙන් මේ වනවිට කැරිබියන් දූපත් රාශියක් දැඩි දුෂ්කරතාවයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
මෙම වසරේ බලපැවැත්වූ දරුණුම සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ තද වර්ෂාවන් හයිටි රාජ්‍යයේ පුද්ගලයින් 20 දෙනෙකුගේ ජීවිත මේ වන විටත් අවසන් තිබෙනවා.
ඒ අතර, ජැමෙයිකාවේ බොහෝ ප්‍රදේශවල විදුලි සැපයුම බිඳ වැටී ඇති අතර, විදෙස් වාර්තා අනුව එරට ගෘහස්ථයන්ගේ සම්පූර්ණයෙන්ම හතරෙන් තුනකට විදුලිය නොමැති තත්ත්වයක් පවතින බව පෙන්වා දෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මේ වනවිට “මෙලිසා” සුළි කුණාටුව පැයට සැතපුම් 115 ක වේගයකින් ජැමෙයිකාව අතුරුගත කර කියුබාව දෙසට ගමන් කරමින් පවතින බව සඳහන් වනවා.














