ජාතික ජන බලවේගයේ ඇත්තේ ‘පික් පොකට් න්‍යාය’ බවත්, ‘පික් පොකට් ගසන’ තැනැත්තා විසින් ‘අන්න හොරෙක්!’ යැයි පවසමින් දිවයන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඒ අනුව, ජාතික ජන බලවේගයේ සිටින මන්ත්‍රීවරුන් ද ඒ ආකාරයෙන්ම කටයුතු කරමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ශ්‍රමදානයක් කරන බවට පවසා, අලුත් පරම්පරාව නියෝජනය කිරීමට යැයි කියා, ‘159 ක්’ ගෙන ඒමට කටයුතු කළ බවත්, මේ වන විට ලූනු ගෙඩිය ද මැනීමෙන් පසු ලබා ගන්නා බවත්, දැන් System Change හොඳටම සිදුවී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
 
			 
                                
 
                                
 
							












