මෙම වසරේදී ශ්‍රී ලංකා රේගුව විසින් එකතු කරන ලද බදු ආදායම රුපියල් ට්‍රිලියන 02ක කඩඉම ඉක්මවා තිබෙනවා.
මේ අනුව අදාළ නිලධාරීන් පැවසුවේ 2025 වසර සඳහා ලැබී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 2.115 වෙත ශ්‍රී ලංකා රේගුව සාර්ථකව ළගා වෙමින් පවතින බවයි.
ඉතිහාසයේ රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුවක් විසින්
මෙය වසරකදී එකතු කරන ලද වැඩිම ආදායම සනිටුහන් කරමින් රේගුව වාර්ථාගත ආදායමක්ලබා තිබෙනවා.
මෝටර් රථ වලින් ලබා ගත් රුපියල් බිලියන 630ක් මේ ආදායමට අන්තර්ගත වී තිබෙනවා.
වසර අවසාන වන විට ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 300 ක් පමන අතිරේකව එක් රැස් කරගත හැකිවනු ඇති බවට රේගුව විශ්වාසය පළ කරයි.
 
			 
                                
 
                                
 
							












