ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය ප්‍රකාශය මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.
අයවැය ප්‍රකාශයේදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශ කිහිපයක් මෙසේයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා රජය සූදානම් බවය.
ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ රජය බලය භාරගත් විට රටේ ආර්ථිකය දැඩි අවදානමක සිටි බවත්, එය යථා තත්ත්වයට පත් කිරීමට දැඩි උත්සාහ ගත් බවයි.
රජය ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇති බව ඔහු සඳහන් කළා.
ආර්ථිකය දැන් ස්ථාවර තත්ත්වයක ඇති බවත්, අනාගතයේ දී නැවත අස්ථාවරතාවක් බලාපොරොත්තු විය යුතු නැති බවත් ජනාධිපතිවරයා පැවසුවා.
රජය උද්ධමනය 5% කට අඩු මට්ටමක තබා ගැනීම සඳහා උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවද ඔහු තවදුරටත් අවධාරණය කළා.
විනිමය අනුපාතිකය මේ වනවිට ස්ථාවර වී ඇති අතර, දළ නිල සංචිතය බිලියන 6 ඉක්මවා ඇති බවත්, 2026 අවසන් වන විට එය බිලියන 7ක් දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පැහැදිලි කළා.













