කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනට විමර්ශන ක්‍රියාත්මක වනවා.
ඒ අතර, එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ද ප්‍රකාශයක් ලබාගැනීමට සූදානමක් පවතින බවයි විශ්වාසදායක ආරංචි මාර්ග පවසා සිටියේ.
ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මියගේ සැමියා ට අයත් එම ගොඩනැගිල්ල, යහපාලන ආණ්ඩුවේ කාලයේ දී කෘෂිකර්ම අමාත්‍යාංශය භාවිතා කිරීමට කුලී පදනම මත ලබාගෙන ඇති අතර, එහි මාසික කුලිය රුපියල් මිලියන 21ක් ලෙස සඳහන් වේ.
මුදල් අක්‍රමිකතා සම්බන්ධ විමර්ශනයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පසුගිය දිනක අල්ලස් කොමිසම වෙත කැඳවා ප්‍රකාශයක් ලබාදුන් බවද වාර්තා වී තිබෙනවා.
එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ බවත්, එම හේතුවෙන් ඉදිරියේදී ඔහුගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන විමර්ශන ආරම්භ කරනු ඇති බවද ආරංචි මාර්ග පැවසීය.














