ලෝකයේ ලොකුම කෞතුකාගාරය පසු ගිය දිනෙක මහ ජනතාවට විවෘත්ත වුණේ එදා මෙදා තුර කෞතුකාගාර සම්බන්ධයෙන් පැවතී වාර්තාවන් බිඳ දමමින්.
මෙය දශක දෙකක කාලයක් පුරාවට නිර්මාණය වූවක්.
ලෝකයේම අවධානය දින ගත් මෙය ඊජිප්තුවේ තමයි පිහිටලා තියෙන්නේ.
එය අතිශයින්ම සිත් ඇඳ බැඳ තබාගන්නා විශ්මයජනක නිර්මානයක්.
ඊජිප්තු ඉතිහාසය වසර 700ක ඈත අතීතයක් දක්වා දිව යනවා.
එම ඉතිහාසයට අයත් වසර සිය ගනනක නොමැකෙන මතක සැමරුම් විශාල ප්‍රමාණයකට ජනතාවට විවෘත්ත කෙරුණු මේ කෞතුකාගාරය නිවහන වී තිබෙනවා.
එය නම් කර තිබෙන්නේ GEM යනුවෙන්.
මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2005 දී.
ඒ එවකට ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක්ගේ මුලිකත්වයෙන්.
මේ සඳහා වැය කර ඇති මුදල ඩොලර් බිලියනයකට අධිකයි.
කෙසේ වෙතත් මෙහි ඉදිකිරීම් දශක ගණනාවක් තිස්සේ එකතැන පල්වීමෙන් දුර්වල ව තිබුණා.
2011 වසරේදී ඇතිවූ කැලඹිලි හේතුවෙන් මෙහි වැඩ කටයුතු වලට තවදුරටත් බාධා එල්ල වුණා.
කෙසේ වෙතත් පසුව 2011වසරේදී අරාබි වසන්තයෙන් පසු ඇති වූ නොසන්සුන්තාවයෙන් බැට කෑ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ අරමුණින් යටිතල පහසුකම් සඳහා දැවැන්ත ආයෝජන ආරම්භ කෙරුණා.
ඒ යටතේ මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතුද සිදු කිරීම ආරම්භ වුණා.
ගීසා පිරමිඩ සහ ස්පින්ක්ස් අසල මෙම කෞතුකාගාරය පිහිටා තිබෙනවා.
එය ඊජිප්තුවේ සංචාරක කර්මාන්තය නංවාලීම සහ කරදරකාරී ආර්ථිකයට මුදල් ගෙන ඒමට රජය සිදු කරන උත්සාහයේ කේන්ද්‍රස්ථානයයි.
GEM වාර්ෂිකව මිලියන 5 ක් නරඹන්නන් ආකර්ෂණය කර ගනු ඇතැයි අපේක්ෂා කරන බව ඊජිප්තුවේ සංචාරක හා පුරාවස්තු අමාත්‍ය ෂෙරිෆ් ෆාති පවසනවා.
එය ලෝකයේ වඩාත්ම ජනප්‍රිය කෞතුකාගාර අතරට ඉතාම ඉක්මනින්ම ඇතුළු වනු ඇති.
මෙය රටේ සහස්‍ර-පැරණි උරුමය පොහොසත්, නවීන ප්‍රදර්ශනයක් ලබා දීම අරමුණු කරගත් මෙගා ව්‍යාපෘතියක්.
පාපන්දු පිටි 70ක පමණ ඉඩ ප්‍රමාණයක මෙම කෞතුකාගාරය නිමවා තිබෙනවා.
වර්ග මීටර් ලක්ෂ 05ක භුමි ප්‍රදේශයක් ඊට අයත්.
කෞතුකාගාරයේ ප්‍රධාන ගැලරි 12 ක් පවතිනවා.
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට රෝම යුගය දක්වා විහිදුණු පුරාවස්තු මෙහි දැකගන්නට ලැබෙනවා.
ඊජිප්තුවේ පාරාවෝ ඉතිහාසය දිගු කලක් තිස්සේ සංචාරක ආකර්ෂණයක් නොමදව ලැබුවක්.
නමුත් එය දිගු කලක් තිස්සේ අති විශාල කෞතුක වස්තු සංවිධානය කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට අරගල කර තිබෙනවා.
කුඩා ආභරණ කැබලි සහ වර්ණවත් සොහොන් බිතුසිතුවම්වල සිට පාරාවෝවරුන්ගේ සහ සත්ව හිස සහිත දෙවිවරුන්ගේ උස් ප්‍රතිමා දක්වා, රට පුරා නිරන්තරයෙන් සිදු කෙරෙන සොයාගැනීම් ඊජිප්තු ඉතිහාසය හා බැඳී පවතිනවා.
මෙය තනි පුරාණ ශිෂ්ටාචාරයකට කැප වූ ලොව විශාලතම කෞතුකාගාරය ලෙස ඉතිහාසයට එක වෙනු ඇති.
මෙම නව ගොඩනැගිල්ල, සමකාලීන ශෛලියෙන් තියුණු වෙනසක් පෙන්නුම් කරනවා.
එහි විශාල, විවෘත ශාලා අතථ්‍ය යථාර්ථ ප්‍රදර්ශන සමඟ ප්‍රදර්ශනයට තබා ඇති කෞතුක වස්තු 50,000 ක් පමණ සඳහා ඉඩ සලසනවා.
1922 දී සොයා ගත් තුතන්කාමන් රජුගේ සොහොනෙන් ලබාගත් සියලු කෞතුක භාණ්ඩ ප්‍රථම වතාවට මෙහි ප්‍රසිද්ධ ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා.
පාරාවෝගේ අවමංගල්‍ය ඇඳන් තුනක් ,අශ්ව රථ හයක්, ඔහුගේ රන් සිංහාසනය ඇතුළු කෞතුක භාණ්ඩ 5000කට අධික ප්‍රමාණයක් ඊට අයත් බවයි පැවසෙන්නේ.
කෞතුකාගාරය ඉදිකර ඇත්තේ කයිරෝ නගරයේ සියවසකට වඩා පැරණි ගොඩනැගිල්ලක.
ඊජිප්තු රජය කෞතුකාගාරය සහ ඒ අසල පිරමිඩ සහ ස්පින්ක්ස් අවට ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.
නව අධිවේගී මාර්ග ද ඉදිකර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අසල මෙට්‍රෝ දුම්රිය ද ස්ථානයක් ඉදිකරමින් පවතිනවා.
කයිරෝවට බටහිරින් – කෞතුකාගාරයේ සිට මිනිත්තු 40 ක් දුරින් – ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ද විවෘත කර ඇති බවයි විදෙස් තොරතුරු වාර්තා කරන්නේ.
2011 නැගිටීමෙන් පසු වසර ගණනාවක් පැවති දේශපාලන කැලඹිලි සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් එරට සංචාරක අංශය පීඩාවට පත්ව සිටිනවා.
මෑත වසරවලදී, කොරෝනා වයිරස් වසංගතයෙන් පසුව සහ යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධය මධ්‍යයේ මෙම අංශය යථා තත්ත්වයට පත්වීමට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2024 දී වාර්තාගත සංචාරකයින් මිලියන 15.7 ක් පමණ ඊජිප්තුවට පැමිණ තිබෙනවා.
එය රටේ දළ දේශීය නිෂ්පාදිතයට ලබා දී ඇති දායකතත්වයක් 8% ක් පමණ වනවා.
සංචාරක අමාත්‍ය ෆැති පැවසුවේ මේ වසරේ සංචාරකයින් මිලියන 18 ක් පමණ අපේක්ෂා කරන බවයි.
මෙය රැකියා වැඩි කිරීමට හේතු වනු ඇතැයි එරට බලධාරීන් බලාපොරොත්තු වනවා.
විදේශ මුදල් ආර්ථිකයට පොම්ප කරනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.
මෙම කෞතුකාගාරයේ වැඩ නිම වීමෙන් පසු පසුගිය ගිම්හානයේදී මහා විවෘත්ත කිරීමක් සුදානම් කෙරුණා.
කෙසේ වෙතත් ජුනි මාසයේදී ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වූ දින12 ක යුද්ධය හේතුවෙන් එය කල් දමිමට සිදු වුනා.
මෙය මහා ජනතාවට ප්‍රදර්ශනය කිරීම මිට දින කිහිපයකට පෙර ආරම්භ වුණේ ඒ අනුවයි.
ඒ සඳහා ලෝකයේම අවධානය දිනාගත් විවෘත්ත කිරීමේ උත්සවයක් පැවැත්වුණා.
මෙය ඓතිහාසික නටඹුන්වලට කලාව එක් කර සිදු කෙරුණු දැවැන්ත නිර්මාණයක් විදිහට දක්වන්න පුළුවන්.
ඊජිප්තුවේ ඉතිහාසයට අදාළ සියලුම කොටස් එකම වහලක් යට ඇති දැවැන්ත කෞතුකාගාරයක ප්‍රදර්ශනය කිරීම මේ වන විටත් මුළු ලෝකයේම ආකර්ෂණය දින ගැනීමට සමත් වුවක්.
නොබෝ දිනක් ඇතුලතම වාර්තාගත නරඹන්නන් ප්‍රමාණයක් මෙම අනභිබවනීය මහා ඊජිප්තු කෞතුකාගාරය නැරඹීමට එහි ගවේෂණ කටයුතු සිදු කිරීමට පැමිණෙනු නිසැකයි.
ඒවගේම මේ මහා ඊජිප්තු කෞතුකාගාරය ලෝක ඉතිහාසයේ අතිශය තීරණාත්මක පිටුවක් සනිටුහන් කරමින් ඉතිහාසගත වනු ඇති.
– අංජනි කුමාරසිංහ













