පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා මහජනතාවගෙන් ඉල්ලා ඇත්තේ, විනෝද චාරිකා හෝ වන්දනාමාන සඳහා ගිය විට තමන් සිටින ස්ථානය සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ලෙස පළ නොකරන ලෙසයි.
ඔහු පැවසුවේ, එවන් තොරතුරු අපරාධකරුවන්ට හෝ අනෙකුත් පුද්ගලයන්ට වාසිදායක විය හැකි බවය.
අද (11) බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු තවදුරටත් අවධාරණය කළේ, විනෝද චාරිකා සඳහා තෝරාගන්නා වාහනය හා රියදුරු පිළිබඳ නිවැරදි අවබෝධයක්ද අත්‍යවශ්‍ය බවයි.
එහිදී අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා,
“අප සියල්ලෝම උත්සව සමයකට ප්‍රවේශ වෙනවා. විශේෂයෙන් විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා අපේ අම්මලා තාත්තලා දූවරු පුත්තු ගමෙන් පිටත් වෙනවා. මේ වනවි නිල face book එක හරහා නැතිනම් සමාජ මාධ්‍ය හරහා ඔබගේ ගමනාත්තයන් පිළිබඳව ඔබම දැනුම්වත් කරනවා අපි දැකලා තියෙනවා. selfie photo හරහා ඔබ ඉන්නේ නුවරඑළිය , ඔබ ඉන්නේ ගාල්ලේ නැතිනම් ඔබ ඉන්නේ කතරගම යනාදි වශයෙන් මජනතාව දැනුම්වත් කිරීමේ ක්‍රමයක් ඔබ විසින්ම සකසාගෙන තියෙනවා. මෙය සුදුසු නොවෙයි. ඔබ පසුපසින් එන අපරාධකාරයෙකුට එහෙම නැතිනම් ඔබ පිළිබඳ ඔබගේ නිවස පිළිබඳ විපරමෙන් ඉන්න කෙනෙකුට එය හුදෙක් වාසි සහගත දෙයක් වෙන්න පුළුවන්. එම නිසා අපි අම්මලා තාත්තලාට විශේෂ මතක් කිරීමක් කරනවා ඔබ ඉන්නා තැන පිළිබඳව කිසිවෙකු දැනගත යුතු නොවෙයි. “
“එමෙන්ම ඔබ මේ චාරිකාව සඳහා භාවිතා කරන වාහනය විශේෂයෙන් විනෝද චාරිකා පාසල් ළමුන් අරන් යන චාරිකා සඳහා ඔබ භාවිතා කරන වාහනය, බස් රථය, ඔබගේ රියදුරු, මෙම වාහනයේ අයිතිකරු කවුරුද, මෙහි යාන්ත්‍රික දෝශ පිළිබඳ ඔබ සැහීමකට පත්වෙලා ද මේ රියදුර ගැන සෑහීමකට පත් වෙලා ද, ඔබගේ ගමනාන්තය දක්වා ඔබට යහතින් යා හැකි ගෞරවනීය රියදුරෙක් ඔබ සතුව සිටී ද මේ සියලු කරුණු කෙරෙහි ඔබ අවධානය යොමුකළ යුතුයි.”












