රුවන් හෙට්ටිආරච්චි සහ ශෙරිල් ඩෙකර් කියන්නේ ලොකුම ලොකු fan base එකක් තියෙන, හැමෝම ආදරය කරන දෙපළක්
මේ දිනවල සමාජ මාධ්‍යයේ ශෙරිල් ඩෙකර් රෝහල්ගතවීමක් සම්බන්ධව කතා බහට ලක් වෙලා තියෙනවා.
මේ සම්බන්ධයෙන් රුවන් හෙට්ටිආරච්චි සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් පවා එක් කර තිබුණා.
ඔහු සඳහන් කර තිබුණේ,
“මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ අපේ අවසාන හුස්ම බිංදුව යනකන් කවමදාකවත් අපි දෙන්නාගේ තියන සතුට නැති කරන කිසිම දෙවයක් අපිට ගෙන දෙන්න එපා කියලා. සමහර දේවල් අපි මේ ලෝකෙට ගේන්න උත්සහ කරත් සොබාව දර්මය විසින් එයට ඉඩ නොදෙනවානම් අපිට එය එපා🙏 අනිත් සියළුම දේවල් වලට වඩා අපිට වටින්නේ අපි දෙන්නාගේ තියන සතුටයි ආදරයයි.❤️❤️
යනුවෙනි.

රුවන් ශෙරිල් ගැන සමාජ ජාලයේ පල කල මේ සටහනින් පස්සෙ ඔවුන්ට ආදරය කරන බොහෝ දෙනා රුවන් සහ ශෙරිල් දෙදෙනාට හදවතින්ම සුබ පතමින්, ඔවුන්ගේ ආදරණීය දරු සිහිනය ඉක්මනින් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරලා තිබුණා.
ඇතැමුන් රුවන් විසින් දැක්වු සෙනෙහස ගැන සටහන් කර තිබුණා.
තවත් බොහෝ දෙනා රුවන් මේ විදිහට ස්වභාවධර්මයෙන් අපි ළඟට ගේන්න ඉන්න අයව ගේන්න ඉඩ නොදෙනවා කියන දෙයින් අදහස් කරේ නැවත වතාවක් ශෙරිල් උතුම් මව් පදවිය ලැබ එය අහිමි වී තිබෙන කරුණක් ලෙස
කොහොම නමුත් මේ දිනවල ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, පසුගිය කාලයේදී කිහිප වතාවක්ම මවක් වීමට උත්සාහ කලත් ඒ අවස්ථාව ඇයට අහිමි වුණා.
අපිත් සියලුදෙනා එක්ව, ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර ඇය ආශාවෙන් බලා සිටින අලුත් ජීවිත සිහිනය ඉක්මනින්ම සත්‍ය වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.














