මෙරට ජනතාවට ලියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (17) සහ හෙට (18) නැරඹීමට හැකියාව ඇති බව තාරකා විද්‍යාඥයින් පවසනවා.
අභ්‍යාවකාශ විද්‍යාඥ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසුවේ අද මධ්‍යම රාත්‍රියේ මෙන්ම හෙට අළුයම මෙම උල්කාපාත වර්ෂාව දැකබලා ගත හැකි බවයි.
මේ සදහා විශේෂ උපකරණ අවශ්‍ය නොමැති අතර පියවි ඇසින් නිරීක්ෂණය කර හැකි බවයි ඔවුන් පවසන්නේ.
හෙට අලුයම 4:00 සිට 5:00 දක්වා කාලය තුළ උල්කාපාත වර්ෂාව ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.
සිය අදහස් පළ කරමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගිහාන් වීරසේකර මෙලෙස පැවසුවා.
“අද රාත්‍රියේ සහ හෙට අලුයම, අපට වසරේ ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කිරීමට වෙනවා. මෙම උල්කාපාත වර්ෂාව ලියොනිඩ්ස් කියලා කියන්නේ. ඒ නමට හේතුව එය සාමාන්‍යයෙන් සිංහ තාරකා මණ්ඩලයේ දිශාවට දෘශ්‍යමාන වීමයි.”
පෘථිවිය වල්ගා තරුවක මාර්ගය හරහා ගමන් කරන විට, වල්ගා තරුවෙන් වෙන් වූ කුඩා දූවිලි අංශු පෘථිවි වායුගෝලය සමඟ අන්තර්ක්‍රියා කර මෙම උල්කාපාත වර්ෂාව නිර්මාණය කරනවා.
මෙම උල්කාපාත වර්ෂාවේ විශේෂත්වයක් වන්නේ මෙම දූවිලි අංශු සාපේක්ෂව ඉහළ වේගයකින් ගමන් කිරීමයි.
වායුගෝලය සමඟ සිදුවන මෙම අධිවේගී අන්තර්ක්‍රියාව හේතුවෙන් උල්කාපාත දීප්තිමත්ව දිස්වනවා.
මෙම උල්කාපාත වර්ෂාව නැගෙනහිර අහසින් නැඟී රාත්‍රියේදී අහස හරහා ගමන් කරයි – විශේෂයෙන් අලුයම දෙසට. එබැවින්, එය නිරීක්ෂණය කිරීමට හොඳම කාලය සාමාන්‍යයෙන් අලුයම 4:00 සිට 5:00 දක්වා කාලය.
මෙම කාල පරිච්ඡේදය තුළ, අපි අහස නිරීක්ෂණය කළහොත්, අපට සාමාන්‍යයෙන් පැයකට උල්කාපාත 15 සිට 20 දක්වා දැකගන්න පුලුවන්.














