අද වන විට පියයුරු විශාල කිරීම සඳහා සැත්කම් කරගන්න බොහෝ නිළියන් නිරුපිකාවන් කැමැත්තක් දක්වලා තියෙනවා.
අද අපි කියන්න යන්නේ සිය කැමැත්තට පියයුරු විශාල කරගත්තත් ඉන් පසුව ඒවා ඉවත් කරගන්න තීරණය කල නිලියක් ගැන.
ඇය නමින් ෂර්ලින් චොප්රා.
ශර්ලින් චොප්‍රා කියන්නෙ නිරූපිකාවක් සහ නිළියක්.
ඇය හින්දි සහ තෙලිඟු චිත්‍රපටවල රංගනයෙන් දායක වෙලා තිබෙනවා.
ඇගේ පියයුරු සිලිකන් භාවිතයෙන් විශාල කරගෙන තිබුණා.
නමුත් ඇයට ඇති වූ අපහසුතාවක් හේතුවෙන් ඇගේ සිලිකන් පියයුරු යුගල් නැවත සැතැකමක් අනුසාරයෙන් ඉවත් කරගෙන තිබෙනවා.
ෂර්ලින් චොප්රා පවසන පරිදි ඇගේ පියයුරු බද්ධ කිරීම් ඉවත් කිරීම මේ වන විට ඉවත් කරගෙනයි තිබෙන්නේ.
ඇය පවසන්නේ සිලිකන් පියයුරු කිලෝ 1 ක් පමණ බරින් යුක්ත බවයි. එම අධික බර හේතුවෙන් ඇයට වේදනාවක් ගෙන දෙන බවත් ඇය ඒවා ගලවා ඉවත් කල පසු සමනලයෙකු මෙන් සැහැල්ලුවක් දැනෙන බවත් පවසා සිටියා.
මාස කිහිපයක පටන් බෙල්ලේ පපුවේ සහ උරහිසේ තිබුණු දරුණු වේදනාව පවා ඒවා ඉවත් කිරීමෙන් නැති වු බවයි ඇය වැඩි දුරටත් පවසා තිබෙන්නේ.
“මගේ සිලිකන් පියයුරු නිසා හරියටම දැනුණේ බරවෙන බවයි. ඒ නිසා මම ඒවා ඉවත් කරගන්න තීරණය කළා. දැන් මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා,” – ශර්ලින්














