ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහය මෙම මස 23 ඉරිදා ට යෙදී තිබෙනවා.
ඔහු හා විවාහ ගිවිසගන්නේ ඉන්දියානු වෛද්‍යවරියක වන අතර ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුපතූර් නගරයේ පිහිටි ප්‍රධාන උත්සව ශාලාවක සහ හින්දු කෝවිලකදී පැවැත්වීමට සූදානම්
ඇය තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු නියෝජ්‍ය කථානායක වී.පී. දුරෙයිසාමි මහතාගේ දියණිය වන වෛද්‍ය සීතායි ශ්‍රී නාච්චියාර් යන තරුණියයි.
මෙම විශේෂ විවාහ උත්සවයට ශ්‍රී ලංකාවෙන් සීමිත සංඛ්‍යාවක දේශපාලනඥයින්ට ආරාධනා කර ඇති අතර, ඔවුන් අතරින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
මීට අමතරව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව විපක්ෂ දේශපාලනඥයන් කිහිප දෙනෙකුටත් ආරාධනා ලැබී ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර රාජකරුණා සහ ඩී.වී. චානක මන්ත්‍රීවරුද දේශපාලන රැළිවලට සහභාගී වූ පසු ඉන්දියාව බලා පිටත්වීමට නියමිත බව වාර්තා වනවා.














