දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක මහතාගේ උපන්දිනය අද (24) යෙදි තිබෙනවා.
1968 නොවැම්බර් 24 දී උපත ලැබූ අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට 57 වියේ පසුවෙයි.
1987 සිට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සක්‍රීය සාමාජිකයෙකු ලෙස දේශපාලන ක්‍රියාවලියට එක් වූ ඔහු, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් බහු කලයක් වමේ දේශපාලනයේ ප්‍රමුඛ චරිතයක ලෙස කටයුතු කළා.
2019 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් එක්කර ගනිමින් ජාතික ජන බලවේගය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලැබුවා.
අදාළ ව්‍යාපාරයේ නායකත්වයද දරන ඔහු, පසුගිය සැප්තැම්බර් 21 දින පැවැති ජනාධිපතිවරණයෙන් ජය ගනිමින් ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් වුණා.













