ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සඳහා ඉතාලි රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාවට අද දිනයේදී කැබිනට් මණ්ඩලය අනුමත කලා.
එය අද දිනයේදීම අනුමත වූ ලෙස සැලකීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.
එම කැබිනට් තීරණය අනුව වසර හයක (මීට කලින් අවස්ථාවලදී මෙම අවස්ථාව ලබා දී තිබුණේ වසර හතරක කාලයක් ඉතාලියේ රැඳී සිටි අයට පමණයි) කාලයක් ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ඉතාලි රියදුරු බලපත්‍රය ලබා ගැනීමට සුදුසුකම් ලැබෙනවා.













