මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්බොක්ක ගම්මානයේ කඳුපන්තිය මේ වනවිට ඉතාමත් අවදානම් තත්ත්වයකට පැමිණෙමින් පවතිනවා.
පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතන හේතුවෙන් මෙහි නායයෑම් අවදානම තවමත් පහව ගොස් නැහැ.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉතාම ඉක්මණින් මේ සම්බන්ධව යොමු කර ජනතාව දැනුවත් කරන ලෙසයි ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
පසුගියදා සිදු වූ ආපදා තත්ත්වයේ දී කන්දක් නාය යෑමෙන් මෙම ගම්මානයේ සිටි එකම පවුලක 04කුගේ ජීවිත අහිමි වීමේ සංවේදී පුවතක් වාර්තා වුණා
මියගිය අයගේ දේහයන් මිහිදන් කර තිබුණද, අද වන විටත් එම නිවස පස් කඳින් සම්පූර්ණයෙන්ම යට වී ඇති අතර, නිවසේ සුන්බුන් පවා සොයාගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
එහිදී අසන්නට ලැබුණු ඉතා සංවේදී කතාවක් නම්,
පසට යටවුණු එකම පවුලේ ජීවිත හතර සොයන්න ඉතා අසීරු කර්තව්‍යක් වුවත් නිවසේ සිටි සුනඛයා විසින් පස් අතර සැගව සිටි තමන්ගේ ආදරණියයන් සොයා ගත්තේ හදවත් මොහොතකට නතර කරවමින්
ආදරණීයයන් අහිමි වීමේ වේදනාව දරාගත නොහැකිව අයිතිකරුවන් සොයන පක්ෂපාතී බල්ලෙකුගේ චිත්තවේගීය දර්ශනය ගලවා ගැනීමේ කණ්ඩායම් සහ ප්‍රදේශයේ ජනතාව අති මහත් ලෙස සංවේදී වීමට කාරණාවක් වුණා.
දැනට අම්බොක්ක ගම්මානයේ පවුල් අසූ පමණ තම නිවෙස අත්හැර විහාරස්ථානවලද හිතවත් පවුල් නිවෙස්වලද ජීවත්වමින් සිටින අතර, නායයෑම් තර්ජනය නොනවත්වා ඇති හේතුවෙන් නිලධාරීන් නිරන්තරයෙන් ඉවත් වීම සඳහා දැනුම් දීමි සිදු කර සිටිනවා.
නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ නිසි වාර්තාවක් හෝ අධ්‍යයනයක් නොමැතිව මෙලෙස නිවෙස්වලින් ඉවත්ව සිටිම අසීරු කාරණයක් බවයි.
ඒ නිසා පාසල් ආරම්භයට පෙර, ගම්මානයේ ආපදා තත්ත්වය පිළිබඳ නිශ්චිත වාර්තාවක් ලබා දෙන ලෙසත්, අවදානම් තත්ත්වය පාලනය කර ප්‍රජා සුරක්ෂිතතාවය සහතික කරන ලෙසත්
එම නිසා ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් කඩිනමින් ඉල්ලා සිටින්නේ ගම්මානයට සිදුවන ආපදා තත්වය පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙසයි














