කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයට අනුව ඉදිරි කාලගුණ තත්ත්වය තුළ වැසි ස්වල්පයක් ඇතිවෙන බව පෙන්වා දෙනවා.
ඌව පළාත සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරෙන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි එම නිවේදන වල සදහන් වන්නේ.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වලත්, වයඹ පළාතේත්, අම්පාර, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ වේගයෙන් හමන තරමක තද සුළං ඇති විය හැකිය.














