Meta සමාගම විසින් Facebook පරිශීලකයන්ට Post එකක් හරහා SHARE කළ හැකි Links ප්‍රමාණය සීමා කර තිබෙනවා.
ඔවුන් පවසා ඇත්තේ Link share කිරීමට මාසික ගාස්තුවක් අය කරන බවයි.
ඒ අනුව Facebook හරහා මාසයකට Link 2කට වඩා Share කිරීමට අවශ්‍ය නම්, මසකට ගෙවීමක් සිදුකිරිමට වනවා.
ඒ ස්ටර්ලින් පවුම් 9.99ක්, ලංකාවෙ මුදලින් රුපියල් 4142ක් පමණ ගාස්තුවක්
මේ වනවිට බ්‍රිතාන්‍ය සහ අමෙරිකාවේ තෝරාගත් පරිශීලකයින් පිරිසක් සඳහා පමණක් මෙය ක්‍රියාත්මක වෙනවා!
මෙය ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ
Facebook & ‘Professional Mode’ හෝ ‘Pages’භාවිතා කරන නිර්මාණකරුවන් සහ ව්‍යාපාරිකයින් සඳහා බවයි ඔවුන් සදහන් කර තිබෙන්නේ.
මෙමගින් පැහැදිලි වන්නේ ෆේස්බුක් යනු තවදුරටත් නොමිලේ වෙබ් අඩවි වෙත පිවිසුම් ලබා දෙන (Traffic engine) විශ්වාසදායක වේදිකාවක් නොවන බවත්, වාණිජමය අවශ්‍යතා සඳහා එය භාවිතා කරන අයගෙන් මුදල් ලබා ගැනීමට මෙටා සමාගම උත්සාහ කරන බවයි
සමාජ මාධ්‍ය විශේෂඥ මැට් නවාරා (Matt Navarra) පවසන්නේ මෙය සමාගමේ ලාභය වැඩිකර ගැනීමේ උපාය මාර්ගයක් බවයි.
ඔහුට ලැබී ඇති දැනුම්දීමකට අනුව, දෙසැම්බර් 16 සිට ඔහුට මසකට පළ කළ හැක්කේ ලින්ක් දෙකක් පමණි.
-රංජනා සෙව්වන්දි














