ටෙක්සාස් ප්‍රාන්තයේ ගැල්වෙස්ටන් බොක්ක (Galveston Bay) ආශ්‍රිත මුහුදට මෙක්සිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් වයස අවුරුදු 2ක දරුවෙකු ඇතුළු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.
යානයේ ගමන් කළ අට දෙනාගෙන් දෙදෙනෙකු ජීවිත බේරා ගෙන තිබෙන මුත් තවත් එක් අයෙකු තවමත් අතුරුදන්ව සිටින බවයි වාර්තා වන්නේ.
යානයේ මෙක්සිකානු නාවික හමුදා නිලධාරීන් සිව්දෙනෙකු සහ සිවිල් වැසියන් සිව්දෙනෙකු ගමන් කර තිබෙනවා.
මෙම යානය මගින් පිළිස්සුම් තුවාල ලැබූ රෝගීන් පිරිසක් රැගෙන යමින් සිටි බව වාර්තා වේ.
අනතුරට හේතුව සහ කාලගුණ බලපෑමක් බවත් වාර්තා වුණා.
අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රදේශයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පැවති බවත්, දෘශ්‍යතාව (Visibility) ඉතා අවම මට්ටමක තිබූ බවත් ප්‍රදේශවාසීහු පවසා තිබුණා.
කෙසේ වෙතත් ගුවන් යානය කඩා වැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.














