ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරක ප්‍රමාණය අද (29) දින වාර්තා වී තිබෙනවා.
ඒ 2018 දී වාර්තා වී තිබූ සංචාරකයින් 2,333,796 ප්‍රමාණය අද දිනයේ දී අභිබවා යාමත් සමඟින්.
ඒ අනුව 2025 වර්ෂයේ 2,333,797 වන සංචාරකයා අද උදෑසන පිළිගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මෙමගින් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති වූ විශ්වාසය මෙමගින් පෙන්නුම් කෙරෙන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය විසින් දන්වා තිබෙන්නේ.
සංචාරක ක්ෂේත්‍රය ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් වන අතර මෙමගින් විදේශ විනිමය ඉපැයීම්, රැකියා සහ සංස්කෘතික හුවමාරුව සඳහා වැඩි දායකත්වයක් සපයයි.
එපමණක් නොව අමෙරිකා එක්සත් ජනපදයේ ‘U.S. News & World Report’ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පස්වන (05) ස්ථානයට පත්ව තිබෙනවා.
දිට්වා සුළි කුණාටු ව්‍යසනය වැනි අභියෝග මධ්‍යයේ මෙම සන්ධිස්ථානයට ළඟා වීම කර්මාන්තයේ සහ එහි පාර්ශ්වකරුවන්ගේ ශක්තිය සහ සමගිය පිළිබිඹු කරන බව ද, ශ්‍රී ලංකා සංචාරක ආයතනය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.














