දිවයිනේ වායු ගුණාත්මකභාවය පිරිහීම හේතුවෙන් කොළඹ සහ ගම්පහ අවදානම් මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශවලින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර
වැඩිම බලපෑමක් ඇති ප්‍රදේශ වන්නේ කොළඹ සහ ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වාතය ආශ්වාස කිරීම අහිතකර මට්ටමට පත්ව තිබෙනවා.
මේ හේතුවෙන් කුඩා දරුවන්, ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් සහ ඇදුම වැනි ශ්වසන රෝග ඇති පුද්ගලයින් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද එම නිවේදනවල සඳහන්.
ඉන්දියාවට බලපෑ අහිතකර කාලගුණ තත්වය හේතුවෙන් වායු දූෂක ප්‍රමාණයක් මෙරටට ඇතුළු වීම නිසා මෙම වායුදූෂණය සිදුව ඇති බවයි වායු දූෂණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසා සිටියේ














