මෙම මාසය සඳහා වන ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය ප්‍රකාශයට පත්ව තිබෙනවා.
ඒ අනුව එහි සමාගම් ප්‍රකාශකවරයෙක් පවසා සිටියේ ලිට්‍රෝ ගෑස් (Litro) ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම හමුවේ මිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පැවතියද, පාරිභෝගිකයා මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙවර මිල සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කර ඇති බවයි.
කි.ග්‍රෑ. 12.5 සිලින්ඩරය රු. 3,690
කි.ග්‍රෑ. 5 සිලින්ඩරය රු. 1,482
කි.ග්‍රෑ. 2.3 සිලින්ඩරය රු. 694
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
ලිට්‍රෝ සමාගමේ තීරණයට පටහැනිව, ලාෆ්ස් ගෑස් (Laugfs) සමාගම ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිය මිල ගණන් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල ගණන් මෙසේය
කි.ග්‍රෑ. 12.5 සිලින්ඩරය රු. 4,250 (රුපියල් 150ක වැඩිවීමකි)
කි.ග්‍රෑ. 5 සිලින්ඩරය රු. 1,710 (රුපියල් 65ක වැඩිවීමකි)














