ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය තුළ මෑතකදී දැඩි කතාබහට ලක්වූ සිදුවීමක් වන්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධවයි.
සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට එල්ල වූ චෝදනාව මත පදනම්ව, අද (05) දිනයේ ඔහු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනව.
අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා සති කිහිපයකට පෙර සිට පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබුණද, ඔහු ඒ වන විට පොලිසිය මඟහරිමින් සිටි බව වාර්තා වුණා.
මෙම සිද්ධියටම අදාළව හිටපු අමාත්‍යවරයාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා පසුගිය 30 වැනිදා අත්අඩංගුවට ගත් අතර, වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කෙසේ වෙතත් අද දින විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ තමන් හෝ තම පුත්‍රයා කිසිදු වරදක් කර නොමැති බවයි.
”මට මේක පුරුදු තැනක්. මේක සම්පූර්ණ දේශපාලන පළිගැනීමක්. මේ මුළු පවුලක්ම හිරකරන්න හදන්නේ. කිසිම සාක්ෂියක් නැතුව අවුරුදු 10ක් විතර පැරණි නඩුවකට මගේ දරුවෝ දෙන්නව ගෙනල්ල මාව ගෙනල්ලා අලුත් අවුරුද ලබා කොට එක දවසෙන් කරපු සැලසුමක්. මේවට ලක්ෂ ගණන් වියදම් කරනවා ආණ්ඩුව. මේ මඩ ගහන්න. මගේ දරුවෝ දෙන්න වරදක් කරලත් නැහැ මම වරදක් කරලත් නැහැ. ඒ නිසා අපි මේකට මුහුණ දෙනවා. අපි බය වෙන්නේ නැහැ. අපිව බය කරන්න බැහැ.” යනුවෙන් හිටපු ඇමතිවරයා පැවසුවා.
new update
සිද්ධිය සම්බන්ධයෙන්ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ හිටපු අමාත්‍යවරයාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා














