පොදු ප්‍රවාහන සේවයේ නියුතු රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර සේවයේ යෙදෙන්නේද යන්න පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (08) දින මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ආරම්භ විය.
මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන රිය අනතුරු අවම කිරීම මෙහි මූලික අරමුණයි.
මෙම මෙහෙයුමේ විශේෂත්වය වන්නේ නවීන තාක්ෂණයෙන් සමන්විත ජංගම පරීක්ෂණාගාරයක් (Mobile Laboratory) මේ සඳහා යොදා ගැනීමයි.
මෙම උපකරණය මඟින් පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කරන මොහොතේ සිට පසුගිය දින 14ක කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය භාවිත කර තිබුණද, ඒවා ඉතා නිවැරදිව හඳුනා ගැනීමේ සුවිශේෂී හැකියාවක් පවතී.
ලංගම සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවකයන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, පොලිස් නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සෘජු දායකත්වයෙන් සිදු කෙරේ. මට්ටක්කුලිය ඩිපෝව කේන්ද්‍ර කරගනිමින් ඇරඹි මෙම පරීක්ෂණ ඉදිරි දිනවලදී දිවයින පුරා පිහිටි අනෙකුත් ඩිපෝ සහ ප්‍රධාන බස් නැවතුම්පොළවල් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
සේවය කරන අතරතුර මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වන රියදුරන් සම්බන්ධයෙන් කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බව බලධාරීන් අවධාරණය කරයි. ඒ අනුව ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අහෝසි කිරීම දැඩි අධිකරණමය සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වැනි ක්‍රියාමාර්ග හරහා පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය සහ මගීන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට රජය අපේක්ෂා කරයි.














