මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, දේවහන්දිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඊයේ (08) පස්වරුවේ සුළු භූ කම්පනයක් වාර්තා වී තිබේ.
පස්වරු 5.05 ට පමණ.රික්ටර් මාපකයේ ඒකක 2.2 ක් ලෙස මෙය සටහන් විය.
බලපෑමට ලක්වූ ප්‍රදේශ ලෙස දේවහන්දිය ගම්මානයට අමතරව මඬුල්ල, කලවල, මහවල, උඩපිටවල, තේමණ්ඩිය සහ පපුකන්ද යන අවට ප්‍රදේශවල වැසියන්ට ද මෙම කම්පනය දැනී ඇත.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරන්නේ මෙය ඉතා සුළු මට්ටමේ භූ චලනයක් බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.













