දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි ඇතිවිය හැකි බවයි නිවේදනවල සදහන් වන්නේ.
වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ වැසි ඇතිවීමට ඉඩ තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර, කුරුණෑගල දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇතියි. ගිගුරුම් සහිත වැසි පවතින විට ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටීයි














