පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම, නවදන්කුලම ප්‍රදේශයේදී අද (12) උදෑසන සිදුවූ දරුණු රිය අනතුරකින් පලාවිය ප්‍රදේශයේ පදිංචි මව, පියා සහ දියණිය ජීවිතක්ෂයට පත්ව ඇත. මෝටර් රථය පදවා ඇති පුත්‍රයා බරපතල තුවාල ලබා හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
පොලිස් පරීක්ෂණවලට අනුව, රියදුරුට නින්ද යාම හේතුවෙන් පාලනයෙන් ගිලිහී ගිය මෝටර් රථය, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය අධික වේගයකින් ධාවනය වී ඇති අතර, මුන්දලම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














