‘ලෝක විනාශයේ ඔරලෝසුව’ හෙවත් Doomsday Clock 2026 වසර සඳහා යාවත්කාලීන කර තිබෙනවා.
එය දැන් ඉතිහාසයේ පෙර කවරදාකටත් වඩා මධ්‍යම රාත්‍රියට ලංව ඇති බවයි පැවසෙන්නේ.
එමඟින් ලෝක විනාශයට ආසන්න වී ඇති බව පෙන්වා දෙනවා.
එය වර්ධනය වන න්‍යෂ්ටික අනතුරු, දේශගුණික විපර්යාස වේගවත් කිරීම සහ කඩාකප්පල්කාරී තාක්ෂණයන්හි වේගවත් සංවර්ධනය යන කරුණු මත පදනම් වනවා.
මානව වර්ගයාගේ පැවැත්මට ඇති තර්ජන පිළිබඳව මහජනතාවට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට අනතුරු ඇඟවීමේ අරමුණින් මෙය නිර්මාණය කර තිබෙනවා.
මෙය පවත්වාගෙන යනු ලබන්නේ පරමාණුක විද්‍යාඥයින්ගේ පුවත්පත මගින්.
‘ලෝක විනාශයේ ඔරලෝසුව’ ලෝකය විනාශ වීමේ අවදානම පෙන්වන සංකේතාත්මක මිනුම් දණ්ඩක්.
මේ වසරේ සිදුකල නිවේදනයට අනුව ඔරලෝසුවේ වේලාව මධ්‍යම රාත්‍රියට තත්පර 85ක් ඉදිරියට ගෙන ගොස් ඇති බව වාර්තා වනවා.
2025 වසරේදී මෙය තත්පර 89ක මට්ටමේ පැවතියා.
මෙවර එය තවත් තත්පර 4කින් ඉදිරියට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
‘ලෝක විනාශයේ ඔරලෝසුවේ’ මධ්‍යම රාත්‍රිය ලෙස සැලකෙන්නේ මානව ශිෂ්ටාචාරයේ අවසානයයි.














