025(2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල කිසියම් සංශෝධනයක් ඇත්නම්, එය විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය (www.doenets.lk) හරහා සිදුකර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. අපේක්ෂකයන්ට තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් මෙම සංශෝධන සිදු කළ හැකි අතර, ඒ සඳහා ලබා දී ඇති කාලය පෙබරවාරි මස 10 වැනිදා මධ්‍යම රාත්‍රී 12:00න් අවසන් වේ. සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3545කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් තැපැල් මගින් යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සිහිපත් කරයි.













