ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (15) යෙදී තිබේ. හින්දු දේව මණ්ඩලයේ ප්‍රධාන දෙවියෙකු වන ශිව දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම සඳහා වෙන් වූ ශුද්ධෝත්තම දිනය මෙය ලෙස සැලකේ. “අඳුර දුරු වී ප්‍රඥා ආලෝකය දැල්වේවා” යන්න මෙදින බැතිමතුන්ගේ ප්‍රධාන ප්‍රාර්ථනයයි.
මහා ශිව රාත්‍රී දිනය නිමිත්තෙන් හින්දු බැතිමතුන් අද දින පුරා උපවාසයේ යෙදෙන අතර, අද රාත්‍රියේ නිදි වර්ජිතව ශිව දෙවියන් උදෙසා ස්තෝත්‍ර ගායනා කිරීම සහ පූජාවන් පැවැත්වීම සිදු කරනු ලබයි. මෙලෙස රාත්‍රී කාලයේ වත්පිළිවෙත්වල නිරත වීමෙන් මෝක්ෂය ළඟා කරගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. ලංකාවේ පංච ඊශ්වර දේවාලයන් ඇතුළු දිවයිනේ සෑම හින්දු කෝවිලකම අද රාත්‍රී කාලයේ විශේෂ ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.














