ජෙෆ්රි එප්ස්ටීන් සමඟ කාලය ගත කළද, සැක සහිත කිසිවක් තමන් දැක නොමැති බව හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් අමෙරිකානු කොංග්‍රස් සභාව හමුවේ පවසා තිබේ. එප්ස්ටීන්ගේ ලිංගික ජාවාරම් පිළිබඳව තමන් දැන සිටියේ නම් කිසිවිටෙකත් ඔහුගේ ගුවන් යානයෙන් ගමන් නොකරන බවත්, එවැන්නක් දැන සිටියේ නම් බලධාරීන්ට වාර්තා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. එප්ස්ටීන්ගේ ලිංගික අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන සභාව හමුවේ ක්ලින්ටන් මෙලෙස සාක්ෂි ලබා දුන්නේය.














