2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායකයා මීට නොබෝ වේලාවකට පෙර සමත් විය. ඒ අනුව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 8 වටයේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත්ව ඇති පසුබිමක, මෙම තරගයේ ජයග්‍රහණය ඔවුන්ට අතිශය වැදගත් වේ. අනෙක් පසින් පාකිස්ථාන කණ්ඩායම ද තමන් ක්‍රීඩා කළ තරග දෙකෙන් එක් තරගයක් පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ඒමේ දැඩි අරමුණින් පසුවෙයි.
ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 07.00ට ආරම්භ වන මෙම තරගය නැරඹීම සඳහා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට මේ වන විටත් විශාල ප්‍රේක්ෂක පිරිසක් රොක් වෙමින් සිටිති.














