ඉරානයේ උත්තරීතර නායකයා තෝරා පත් කර ගැනීමේ බලතල සහිත ප්‍රධානතම ආයතනය වන “ප්‍රවීණයන්ගේ මන්ත්‍රණ සභාව” (Assembly of Experts) පිහිටි ගොඩනැගිල්ලට ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉරානයේ ශුද්ධ වූ නගරයක් ලෙස සැලකෙන ‘කෝම්’ (Qom) නගරයේ පිහිටි මෙම මන්ත්‍රණ සභා පරිශ්‍රයට ප්‍රහාර එල්ල වූ බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත. මීට අමතරව ටෙහෙරාන් අගනුවර පිහිටි විප්ලව චතුරශ්‍රය (Revolution Square) අවට ප්‍රදේශවලට ද දැඩි ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරානයේ දේශපාලනිකව ඉතා තීරණාත්මක අවධියකදී වීම විශේෂත්වයකි. ඉරානයේ උත්තරීතර නායකයාව සිටි අයතුල්ලා අල් කමේනීගේ අභාවයෙන් පසු රටේ මීළඟ නායකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා මෙම මන්ත්‍රණ සභාව රහසිගත සාකච්ඡා පවත්වමින් සිටින අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. ඉරානයේ අනාගත නායකත්වය තීරණය කරන මෙම බලගතු ආයතනය ඉලක්ක කිරීම හරහා ඉරාන පාලන තන්ත්‍රයේ ස්ථාවරත්වය බිඳ දැමීම ප්‍රහාරකයන්ගේ අරමුණ වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














