බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) මහතාට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ලෙස ආරාධනා කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
පසුගියදා ඉන්දියාවේ පැවැති කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ. එම අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් මෙම නිල ආරාධනය සිදු කර ඇත.
මෙම හමුවේදී දෙරටේ නායකයන් අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය, තාක්ෂණය සහ ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් නව මාවත් විවර කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.
















