මාතලේ – මුවන්දෙනිය මාර්ගයේදී පසුගිය 05 වන බ්‍රහස්පතින්දා දහවල් 1:00ට පමණ කුඩා ටිපර් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ටිපර් රථයේ රියදුරා තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ධාවනය වෙමින් තිබූ ටිපර් රථයේ ඉදිරිපස දකුණු පස රෝදයේ හදිසියේ හුලං යෑම (ටයරය පිපිරීම) හේතුවෙන් රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකි වීම මෙම අනතුරට හේතු වී ඇත.
පාලනයෙන් ගිලිහී ගිය ටිපර් රථය මාර්ගය අසල නතර කර තිබූ ලොරි රථයක පිටුපස දැඩි ලෙස ගැටී නතර වී තිබේ. අනතුරින් ටිපර් රථයේ ඉදිරිපස කොටසට බරපතල හානි සිදුව ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටි රියදුරා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව බේරාගෙන වහාම මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම අනතුර හේතුවෙන් මුවන්දෙනිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද සුළු වේලාවක් බාධා එල්ල විය. මාතලේ පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, ටිපර් රථය නියමිත ප්‍රමිතියෙන් තොර ටයර් භාවිත කර තිබුණේද යන්න පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.














