සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී දිමුතු තෙන්නකෝන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික හා ආයතනික ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම නව කාර්යාලය විවෘත කෙරුණු අතර, මැදපෙරදිග කලාපයේ මෙරට ගුවන් සේවා ජාලය පුළුල් කිරීමේ තවත් සුවිශේෂී ලෙස මෙය සනිටුහන් වේ. අල්මොසාෆර් සංචාරක ආයතනයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන මෙම නව පහසුකම් මඟින් සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට වඩාත් විධිමත් හා කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට මඟපෑදී ඇත.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු වන මෙම පියවර හරහා මැදපෙරදිග කලාපීය සංචාරක හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තරගකාරීත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරියේදී සේවාදායක ජාලය පුළුල් කරමින් විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවට උසස් මට්ටමේ ගුවන් සේවා අත්දැකීමක් ලබා දීමට ජාතික ගුවන් සේවය මෙමඟින් නව බලාපොරොත්තු දල්වා තිබේ.














