මැදපෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය මහ බැංකුවල මූල්‍ය ප්‍රතිපත්ති දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, විශේෂයෙන්ම සැපයුම් දාම බිඳවැටීම නිසා ආර්ථික වර්ධනය පවත්වා ගැනීම සහ උද්ධමනය පාලනය කිරීම අතර තෝරා ගැනීමක් සිදු කිරීමට ඔවුන්ට සිදුව තිබේ. ආසියාවේ නැඟී එන ආර්ථිකයන් සහිත රටවල මහ බැංකුවලට පොලී අනුපාත අඩු කිරීම මේ වන විට ඉතා අවදානම් සහගත ක්‍රියාවක් වී ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමෙන් ඇති වන මිල පීඩනයට අමතරව, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සිය දේශීය මුදල් ඒකක දුර්වල වීම නිසා ප්‍රාග්ධනය රටින් පිටතට ගලා යාමේ තර්ජනයක් පවතින බැවිනි.
ඉන්දියානු මහ රක්ෂිත බැංකුව ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා පොලී අනුපාත අඩු මට්ටමක පවත්වා ගැනීමට උත්සාහ කළද, ඇමරිකා-ඉරාන යුද්ධය හේතුවෙන් ආයෝජකයන් ආරක්ෂිත පියසක් ලෙස ඇමරිකානු ඩොලරය වෙත යොමු වීම නිසා ඉන්දීය රුපියල කඩා වැටීම වැළැක්වීමට ඔවුන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. තායිලන්තය සහ පිලිපීනය වැනි රටවල් සිය ලිහිල් මූල්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීමට පෙළඹිය හැකි අතර, දකුණු කොරියාව සහ ජපානය වැනි නිෂ්පාදන කර්මාන්ත මත පදනම් වූ ආර්ථිකයන් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ වෙළඳපොළ අස්ථාවරත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාම නිසා “ස්ටැග්ෆ්ලේෂන්” (Stagflation) හෙවත් ආර්ථික වර්ධනය අඩාල වී උද්ධමනය ඉහළ යාමේ අවදානම දිනෙන් දින ඉහළ යමින් පවතී.
ජපාන මහ බැංකුව (BOJ) වසර හතරක් තිස්සේ සිය 2%ක උද්ධමන ඉලක්කය ඉක්මවා ගොස් ඇති පසුබිමක, පොලී අනුපාත ඉහළ නැංවීමේ පීඩනයට මුහුණ දී සිටින නමුත්, තෙල් මිල ඉහළ මට්ටමක පැවතුණහොත් එය එරට ආර්ථික වර්ධනයට විශාල පහරක් වනු ඇත. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල් ද මෙවැනිම ද්විත්ව අර්බුදයකට මුහුණ දී සිටින අතර, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පෙන්වා දෙන්නේ තෙල් මිල 10%කින් ඉහළ ගියහොත් එය ගෝලීය උද්ධමනය සියයට 0.4කින් ඉහළ නැංවීමට හේතු වන බවයි. මැදපෙරදිග ගැටුම හමුවේ ගෝලීය ඔරොත්තු දීමේ හැකියාව නැවත වරක් පරීක්ෂාවට ලක්ව ඇති බැවින්, මීට පෙර කිසිසේත් බලාපොරොත්තු නොවූ තත්ත්වයන්ට (Think of the Unthinkable) සූදානම් වන ලෙස ඇය ලෝකයේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට අනතුරු අඟවා සිටියි.














