ප්‍රකට අමෙරිකානු මාධ්‍යවේදිනී සවනා ගුත්‍රීගේ (Savannah Guthrie) මව වන 84 හැවිරිදි නැන්සි ගුත්‍රී (Nancy Guthrie) අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුත් තොරතුරු කිහිපයක් වාර්තා වේ. ඇරිසෝනාහි ටක්සන් (Tucson) ප්‍රදේශයේ ඇය පදිංචිව සිටි නිවස අසල වීදියේ ඇය අතුරුදන් වූ දිනට පෙර සැකකටයුතු පුද්ගලයෙකු ගැවසුණු බව ඇයගේ අසල්වැසියෙකු වන ඇල්ඩින් මේස්ටර් (Aldine Meister) ප්‍රකාශ කර තිබේ. NewsNation නාලිකාව සමඟ අදහස් දක්වමින් මේස්ටර් පවසා ඇත්තේ එම පුද්ගලයා ව්‍යායාම සඳහා පැමිණෙන අයෙකු මෙන් නොව ඉතා සෙමින් එම වීදිය දෙස විමසිල්ලෙන් බලමින් ගමන් කළ බවයි.
එම පුද්ගලයා සාමාන්‍ය වීදි ඇඳුමින් සැරසී සිටි බවත්, හිස්වැස්මක් (Baseball hat) පැළඳ මුහුණ ආවරණය වන පරිදි මදක් නැමී අවට බලමින් ගමන් කළ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. ඔහු එම ප්‍රදේශයට කිසිසේත්ම නොගැලපෙන අයෙකු බවට තමාට හැඟුණු බවද ඇය පවසා ඇත. නැන්සි ගුත්‍රී අතුරුදන් වීමත් සමඟ ඇරිසෝනා පොලිසිය පුළුල් මෙහෙයුමක් දියත් කර ඇති අතර, මෙම සැකකටයුතු පුද්ගලයා පිළිබඳව ලැබී ඇති සාක්ෂිය ඔස්සේ ද පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඇය සොයා ගැනීමට සහාය වන ලෙස සවනා ගුත්‍රී ද සිය රසිකයින්ගෙන් සහ මහජනතාවගෙන් සංවේදී ඉල්ලීමක් කර තිබේ.














