නිව්යෝර්ක් නුවර රූපවාහිනී පුවත් ක්ෂේත්‍රයේ අසහාය නාමයක් වූ ප්‍රවීණ පුවත් නිවේදක අර්නි ඇනස්ටෝස් (Ernie Anastos) වයස අවුරුදු 82 දී අභාවප්‍රාප්ත විය. නිව්මෝනියා රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු මියගිය බව ඔහුගේ බිරිඳ තහවුරු කළාය. ඔහුගේ අභාවයත් සමඟ සමාජ මාධ්‍ය පරිශීලකයින් ඔහු පුවත් විකාශයක් අතරතුර පැවසූ ඉතාමත් හාස්‍යජනක මෙන්ම මතභේදාත්මක ප්‍රකාශයක් යළිත් සිහිපත් කරමින් සිටිති.
2009 වසරේ සැප්තැම්බර් 16 වනදා Fox 5 News සජීවී පුවත් විකාශය අතරතුරදී කාලගුණ නිවේදක නික් ග්‍රෙගරි සමඟ සුහද කතාබහක නිරත වෙමින් සිටියදී අර්නි අතින් මෙම ප්‍රකාශය සිදුවිය. එහිදී “කුකුළාගේ පිහාටු ඉවත් කිරීම” (Keep plucking that chicken) යන අදහස පැවසීමට ඔහු උත්සාහ කළද, අත්වැරදීමකින් ඔහු මුවින් පිටවූයේ අසභ්‍ය වචනයක් සහිත හාස්‍යජනක ප්‍රකාශයකි.
මෙම අත්වැරදීම රූපවාහිනී ඉතිහාසයේ පුවත් විකාශයක සිදුවූ හාස්‍යජනකම අවස්ථාවක් ලෙස සැලකෙන අතර, ඔහුගේ අභාවයත් සමඟ එම වීඩියෝ දර්ශන යළිත් අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ වෙමින් පවතී. අඩසියවසකට වැඩි කාලයක් නිව්යෝර්ක් වැසියන්ගේ ආදරය දිනාගත් ඔහු Emmy සම්මාන රැසකින් ද පිදුම් ලැබූ නිවේදකයෙකි.














