ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරාන නායකත්වයට එරෙහිව සිය බලපෑම තීව්‍ර කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) සහ එරට උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් අලි ලාරිජානි (Ali Larijani) පිළිබඳව තොරතුරු සපයන ඕනෑම අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 10ක් දක්වා ත්‍යාග මුදලක් ලබා දෙන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ‘ත්‍යාග සඳහා සාධාරණත්වය’ (Rewards for Justice) වැඩසටහන යටතේය. ඉහත කී ප්‍රබල නායකයන්ට අමතරව, ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) තවත් ඉහළ පෙළේ නායකයින් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු ද මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. මැදපෙරදිග කලාපය තුළ ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල වන ප්‍රහාරවලට මෙම පුද්ගලයන් සම්බන්ධ බවට ඇමරිකාව චෝදනා කරයි.
පවතින යුදමය තත්ත්වයත් සමඟ ඉරාන පාලනයේ මූල්‍ය සහ මෙහෙයුම් ජාලයන් අඩාල කිරීම ඇමරිකාවේ ප්‍රධාන අරමුණ වී ඇත. මෙම ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කිරීම හරහා ඉරාන නායකත්වයේ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීමටත්, ඔවුන්ගේ ආරක්ෂක විධිවිධාන දුර්වල කිරීමටත් ඇමරිකාව උත්සාහ කරමින් සිටින බව විදේශ වාර්තා පෙන්වා දෙයි.














