නාවික හමුදාවේ දිගුදුර නාවික බලඇණිය විසින් ගැඹුරු මුහුදේදී සිය භාරයට ගත් මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ධීවර යාත්‍රාවක් සැකකරුවන් පස් දෙනෙකු ද සමඟ අද (16) උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබීය. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එම ස්ථානයට පැමිණ අදාළ මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කළ අතර, එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 123ක් සොයාගත් බව ඔහු තහවුරු කළේය.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් කෝටි 300කට ආසන්න බවත්, රජයේ ප්‍රතිපත්තියක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීමට අවශ්‍ය නීතිමය සංශෝධන කඩිනමින් සිදුකරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා රජය විසින් හඳුන්වා දී ඇති 1818 සහ 1997 යන ක්ෂණික දුරකථන අංක අමතා සහාය වන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.














