පවතින ගෝලීය දේශපාලනික සහ ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, මාර්තු 30 වනදා කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතව තිබූ ‘ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026′ (Sri Lanka Investment Forum 2026) දින නියමයකින් තොරව කල් දැමීමට සංවිධායකයින් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා ලොව පුරා විසිරී සිටින ආයෝජකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් සහභාගී වීමට නියමිතව තිබුණි.
සංවිධායක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මේ වන විට සිදු කර ඇති සියලුම ලියාපදිංචි කිරීම් වලංගු වන අතර, සමුළුව පවත්වන නව දින වකවානු ඉදිරියේදී දැනුම් දෙන බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථික විභවය ලොවට ප්‍රදර්ශනය කිරීම සහ මෙරට ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා මෙම සමුළුව ඉතා තීරණාත්මක එකක් ලෙස සැලකුණද, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය ඇතුළු ගෝලීය අර්බුද හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.














