කටාර් රාජ්‍යයේ රාස් ලැෆාන් (Ras Laffan) ගෑස් මධ්‍යස්ථානයට එල්ල වූ දරුණු ප්‍රහාරය සහ මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද වාතාවරණය හමුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි (Tamim bin Hamad Al Thani) මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් අද (19) පෙරවරුවේ පවත්වා තිබේ.
කටාර් සහ සවුදි අරාබියේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වී ඇති ප්‍රහාර සැලකිල්ලට ගනිමින්, ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සහයෝගීතාව ප්‍රකාශ කර ඇති අතර කටාර්හි වත්මන් තත්ත්වය පිළිබඳව විමසා සිටියේය
කටාර් රාජ්‍යය තුළ ජීවත් වන සහ සේවය කරන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳව එමීර්වරයා මෙහිදී ජනාධිපතිවරයාට පූර්ණ සහතිකය ලබා දුන්නේය. දේශසීමා තුළ සිටින සියලුම දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් කටාර් රජය කැපවී සිටින බව ඔහු අවධාරණය කළේය
පවතින දැඩි අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, විශ්වාසදායක බලශක්ති හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවට අවශ්‍ය බලශක්ති සැපයුම් අඛණ්ඩව ලබා දීමට කටාර් රාජ්‍යය නොසැලෙන කැපවීමෙන් පසුවන බව එමීර්වරයා මෙහිදී සහතික කර තිබේ
මෙම ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධීකරණය සහ සහයෝගීතාවයේ ඇති වැදගත්කම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ලෝක තෙල් මිල බැරලයක මිල ඩොලර් 108 ඉක්මවා ගොස් ඇති පසුබිමක සහ මෙරට ගුවන් යානා ඉන්ධන තොග මාසයකට සීමා වී ඇති වාතාවරණයක, කටාර් එමීර්වරයා ලබා දුන් මෙම සහතිකය ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක වේ.
අද (19) පෙරවරු 9.30 ට රැස්වන පාර්ලිමේන්තුවේදී ද පස්වරුවේ පැවැත්වෙන “ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ විවාදයේදී මෙම දුරකථන සංවාදයේ ප්‍රතිඵල පිළිබඳව රජය කරුණු දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ අකුණු සහිත අයහපත් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර, රාජ්‍ය මට්ටමින් ගෙන ඇති මෙම ක්‍රියාමාර්ග ජනතාවගේ නොසන්සුන්තාවය පාලනය කිරීමට හේතු වනු ඇත.














