ඉන්ධන QR කේතය ලබාගැනීමේදී පරණ වාහන සහ අලුත් දුරකථන අංක හිමි පිරිස් මුහුණ දෙන තාක්ෂණික බාධා අද දිනය තුළ විසඳීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. දැනට පුද්ගලයින් ලක්ෂ 55ක් පමණ පද්ධතියේ ලියාපදිංචි වී ඇති අතර පරණ දත්ත පද්ධතියේ තිබූ දත්ත ලක්ෂ 27ක් ඉවත් කිරීම නිසා මෙම ප්‍රායෝගික ප්‍රමාදයන් ඇති වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම අංක තහඩු නොමැති වාහන හිමියන්ට ආදායම් බලපත්‍රය හෝ රක්ෂණ සහතිකය වැනි ලේඛන ඉදිරිපත් කර ඉන්ධන ලබාගත හැකි බවත්, හෙට (20) උදෑසන වනවිට පෝලිම් පීඩනය අවසන් වී තත්ත්වය සාමාන්‍ය අතට පත්වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














