• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාලබේ ආදර්ශ පිරිමි විදුහලේ අකිල දේශප්‍රිය සිසුවාගෙන් උදාර ආදර්ශයක්

බසයේදී මාරු වූ ලක්ෂ 10ක මුදල හිමිකාරියට භාර දෙයි

20 March 2026
in දේශීය, පුවත්
මාලබේ ආදර්ශ පිරිමි විදුහලේ  අකිල දේශප්‍රිය සිසුවාගෙන් උදාර ආදර්ශයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාසලට පැමිණෙන අතරතුර බස් රථයේදී අත්වැරදීමකින් තමන් සතු වූ රුපියල් දස ලක්ෂ අනූපන්දහසක (රු. 1,095,000) මුදලක් අඩංගු ගමන් මල්ලක් නැවත එහි නියම හිමිකාරිය සොයා භාර දීමට මාලබේ ආදර්ශ පිරිමි විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අකිල දේශප්‍රිය සිසුවා කටයුතු කර තිබේ. දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවාගේ අවංකභාවය මේ වන විට මුළු රටේම පැසසුමට ලක්ව ඇත.
බ්‍රහස්පතින්දා උදෑසන බස් රථයේ අධික සෙනඟක් සිටි බැවින් අකිල සිසුවා සහ නුගේගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන නිලධාරිනියක සිය බෑග් දෙකම වාඩි වී සිටි පුද්ගලයෙකු අතට ලබා දී ඇත. බැස යන අවස්ථාවේදී බෑග් දෙකම එකම පැහැයෙන් යුක්ත වීම නිසා මාරු වී ඇති අතර, පාසලට පැමිණි අකිල පොත් ගැනීමට බෑගය විවෘත කිරීමේදී එහි තිබූ විශාල මුදල් නෝට්ටු තොගය දැක තිබේ. වහාම ක්‍රියාත්මක වූ සිසුවා මේ පිළිබඳව සහකාර විදුහල්පතිනි ආශා චම්මි මහත්මිය දැනුවත් කර ඇත.
අනතුරුව විදුහල්පති සිසිර ගුණරත්න මහතා සහ ගුරු මණ්ඩලය මැදිහත් වී බෑගයේ තිබූ බැංකු පොතක තොරතුරු ඔස්සේ මාලබේ පොලිසිය ද දැනුවත් කරමින් එහි නියම හිමිකාරිය සොයා ගැනීමට සමත් විය. මාලබේ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඉදිරියේ අදාළ මුදල ඇය වෙත සුරක්ෂිතව භාර දීමට කටයුතු කෙරිණි.
අගහිඟකම් පවතින වර්තමාන සමාජය තුළ පාසල් සිසුවෙකු ප්‍රදර්ශනය කළ මෙම අසිරිමත් අවංකභාවය විදුහල්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ ඉහළ ඇගයීමට ලක් විය. මාලබේ ආදර්ශ පිරිමි විදුහලට පමණක් නොව සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම අකිල දේශප්‍රිය සිසුවා අද දිනයේ විශාල අභිමානයක් එක් කර තිබේ.
Post Views: 2
Previous Post

ජනාධිපති අනුර අද පාර්ලිමේන්තුව අමතයි

Next Post

KKR කණ්ඩායමට දැවැන්ත පහරක්

Editor TTV News

Editor TTV News

Next Post
KKR කණ්ඩායමට දැවැන්ත පහරක්

KKR කණ්ඩායමට දැවැන්ත පහරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගරාධිපතිනිය  විශේෂ සංචාරයක් සඳහා  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

කොළඹ නගරාධිපතිනිය විශේෂ සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

20 March 2026
ලෙබනනයේ සජීවී වාර්තාකරණයක්  අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම  මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

ලෙබනනයේ සජීවී වාර්තාකරණයක් අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

20 March 2026
ස්ට්‍රෝබෙරි ගෙඩියක් උගුරේ සිරවී වසරක බිළිඳියක අසාධ්‍ය තත්ත්වයට

ස්ට්‍රෝබෙරි ගෙඩියක් උගුරේ සිරවී වසරක බිළිඳියක අසාධ්‍ය තත්ත්වයට

20 March 2026
ඉරාන යුද්ධය සඳහා පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලයි

ඉරාන යුද්ධය සඳහා පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලයි

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගරාධිපතිනිය  විශේෂ සංචාරයක් සඳහා  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

කොළඹ නගරාධිපතිනිය විශේෂ සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

20 March 2026
ලෙබනනයේ සජීවී වාර්තාකරණයක්  අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම  මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

ලෙබනනයේ සජීවී වාර්තාකරණයක් අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved