27 April 2024
#දේශීය

දියේ ගිලි අවුරුදු 14 ක පිරිමි දරුවෙකු මරුට

සෙවණගල, කටුපිල වැවේ දිය නාමින් සිටි දරුවෙකු දියේ ගිලි මිය ගොස් ඇති බව සෙවණගල පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ ඊයේ (08) දහවල් අදාල සිදුවීම සිදුව ඇති අතර මිය ගොස් ඇත්තේ පැල්මඩුල්ල ප්‍ර දේශ‌යේ පදිංචි වයස අවුරුදු 14 ක් වු පාසල් ශිෂ්‍යයෙකි.

මිය ගිය දරුවා සිය මව ඇතුළු ඥාතීන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක යෙදෙමින් කටුපිල වැවට පැමිණ බයිසිකල් ටියුබ් ආධාරයෙන් තවත් ළමුන් පිරිසක් සමඟ දිය නාමින් සිට තිබේ.

බයිසිකල් ටියුබය සුළං පහරට හසුවීමෙන් පසු දරුවා දියේ ගිලි ඇත. දරුවා ගොඩට ගෙන දංඩුම රෝහලට ඇතුලත් කිරීමේ මිය ගොස් ඇති බව පොලිසිය කල විමර්ශනයේදී අනාවරණ වි ඇත.

හදිසි මරණ පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘතදේහය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සෙවණගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *