ලොව වෘත්තීය සන්නිවේදන තාක්ෂණයන් හා විසඳුම් සම්බන්ධ ප්රමුඛයෙකු වන Hytera, ශ්‍රී ලංකාවේ අංක එකේ චන්ද්‍රිකා රූපවාහිනී සේවාව වන Dialog TV වෙනුවෙන් උපස්ථ චන්ද්‍රිකා මධ්‍යස්ථානයක් (Backup satellite station) ස්ථාපිත කර ඇත.
Hytera සහ එහි චන්ද්‍රිකා තාක්ෂණ සන්නිවේදන සමාගම වන Norsat International Inc. විසින් මෙය 2022 වසරේදී ස්ථාපිත කරන ලදි. මෙය Dialog TV සේවාවේ ධාරිතාව තවදුරටත් වැඩිදියුණු කරන අතරම, ස්වභාවිකා ආපදා හේතුවෙන් හානි සිදුවන අවස්ථා වලදී පවා අඛණ්ඩව සේවාවන් ලබාදීමට උපකාරී වෙයි.
Dialog TV මේ වනවිට Intelsat 38 Ku-band චන්ද්‍රිකාව ඔස්සේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සේවාවන් ලබාදෙයි. මෙම සේවාවන් සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමග, තමන් සතුව පවතින චන්ද්‍රිකා මධ්‍යස්ථානයට අමතර ශක්තියක් වශයෙන් සහ, ස්වාභාවික ආපදාවලට ඔරොත්තු දීම සඳහා විසඳුමක් වශයෙන් උපස්ථ චන්ද්‍රිකා මධ්‍යස්ථානයක් පිහිටුවීමට Dialog TV තීරණය කළේ ය.
මෙම ව්‍යාපෘතියේදී Hytera සහ Norsat විසින් චන්ද්‍රිකා ඇන්ටනා ස්ථාපිත කිරීම, ඒකාබද්ධ කිරීම සහ සැකසීම සිදුකර, සම්ප්‍රේෂණ හා ග්රාහක පද්ධතියක්, නව ජාල කළමනාකරණ පද්ධතියක් (NMS) සහ වාහක අධීක්ෂණ පද්ධතියක් (CMS) ඇතුළත් පරිපූර්ණ චන්ද්‍රිකා මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදි. NMS මගින් උපකරණ වල තත්ත්වය පරීක්ෂා කිරීම, පරාමිතීන් අධීක්ෂණය කිරීම සහ වින්‍යාසකරණය මෙන්ම උපාංග දුරස්ථව පාලනය කිරීම ඇතුළු සියලු කාර්යයන් එකම අතුරු මුහුණතක් ඔස්සේ සිදුකළ හැකි වීම, කාර්ය මණ්ඩලයේ දෛනික කටයුතු අතිශයින් පහසු කරන සාධකයකි. CMS මගින් චන්ද්‍රිකා සංඥාවල වාහක පරාසය සජීවීව නිරීක්ෂණය කරන අතර, සංඥා සම්ප්‍රේෂණයට සහ ග්‍රහණයට ඇතිවන බාධාවන් අවම කරයි.
“මේ වැදගත් ව්‍යාපෘතිය වෙනුවෙන් Dialog TV සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ නව උපකරණ සහ මෘදුකාංග කිසිදු ගැටලුවකින් තොරව Dialog TV හි පද්ධති සමග සම්බන්ධ කිරීමට හැකි වීම නිසා, ශ්‍රී ලංකාවේ Dialog TV පාරිභෝගිකයන් මිලියන ගණනකට වඩාත් ස්ථාවර සහ විශ්වාසනීය සේවාවක් ලබාදීමට අපට හැකි වී තිබෙනවා.” Hytera South Asia හි විකුණුම් අධ්යක්ෂ කෙවින් සුන් මහතා පැවසී ය.
Dialog TV සතුව පැවති උපාංග, නව උපාංග සමග නොගැළපීමට ඉඩ තිබූ නිසා, ඒ වෙනුවෙන් විශේෂ මෘදුකාංග ධාවකයක් නිර්මාණය කිරීමට Hytera පියවර ගත් අතර, එම උත්සාහය සාර්ථක විය. ඒ අනුව දැන් කොළඹ පිහිටි Dialog TV චන්ද්‍රිකා මධ්‍යස්ථානයට කිසියම් ගැටලුවක් ඇතිවුවහොත්, බාධාවකින් තොරව තරංග ග්‍රහණය කරගැනීමට සහ විකාශය කිරීමට නව උපස්ථ මධ්‍යස්ථානයට හැකියාව ඇති අතර, එම නිසා Dialog TV පාරිභෝගිකයන්ට අඛණ්ඩව රූපවාහිනී නැරඹීමට අවස්ථාව ලැබේ.
Norsat යනු කැනඩාව පදනම් කරගත්, පරිපූර්ණ චන්ද්‍රිකා සන්නිවේදන විසඳුම් එකතුවක් පිරිනමන සමාගමකි. එම සමාගම RF උපාංග සහ ඇන්ටනා ටර්මිනල් මෙන්ම පරිපූර්ණ චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති ඇතුළුව පුළුල් පරාසයක පැතිරුණු විසඳුම් හා සේවාවන් රාශියක් තම පාරිභෝගිකයන් වෙත පිරිනමයි. වසර 40 කට අධික පළපුරුද්ද නිසා පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන්ට හොඳින් ගැළපෙන ආකාරයට චන්ද්‍රිකා සන්නිවේදන ජාල සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට Norsat සමාගමට හැකියාව ඇත. Norsat 2017 වසරේදී Hytera සමාගමේ කොටසක් බවට පත්විය.
පිටපත් – PR